බලපත්ර නොමැතිව කොස්ගස් 05ක් කැපීමක් සම්බන්ධව වැලිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විර්මශන සිදුකර ඊයේ (21) දින දහවල් වැලිගම පොලිස් වසමේ වනිගසිරි මාවත ප්රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 48 ක් වන වැලිගම ප්රදේශයේ නේවාසික වීසා මත පදිංචිව සිටින විදේශ ජාතිකයෙක්.
වැලිගම පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.










