Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනවාරිවලදී රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් යළිත් වැඩි කරනවා – අගමැතිනිය

සියලුම රාජ්‍ය සේවකයන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මාසයේදී ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

විශේෂ වියදම් ඒකක සඳහා වන 2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප අදියර තුනකින් ඉහළ දැමීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවලදී පළමු සහ දෙවන අදියර ක්‍රියාත්මක කළ බවත්, තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ලබා දෙන බවයි.

එමෙන්ම වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත අතර, එහිදී ලැබෙන නිර්දේශ මත එම විෂමතා ද නිවැරදි කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.