Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ඇරඹේ

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වනවා.

අද (21) ආරම්භවන විවාදය ;දෙසැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

2027 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වනදා පස්වරු 6.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙනවා.

මේ අතර අයවැය දෙවනවර කියවීම ඊයේ (20) පස්වරුවේ වැඩි ඡන්ද 97කින් සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද 60ක් හිමි වුණා.