ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය 9%ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව කෙටි කාලීනව උද්ධමනය ඉහළ මට්ටමක ඊළඟ මාස කිහිපය තුළ පවතින බවයි මහ බැංකු අධිපතිවරයා පවසන්නේ.
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (20) පෙරවරුවේ එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අධිපතිවරයා පෙන්වා දුන්නේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බවයි.
පසුගිය මාසය අවසානයේ දී මෙරට උද්ධමනය 8.3%ක් ලෙස වාර්තා වූ බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ ගියද, 2027 වසරේ දෙවැනි භාගයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇති බවට අපේක්ෂා කළ හැකි බවයි වැඩිදුරටත් පැවසුවේ.
උද්ධමනය 5% මට්ටමට කඩිනමින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු, ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ලවන බවයි සඳහන් කර සිටියේ.










