Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහේලට දිල්ලි කැපිටලස් කණ්ඩායමෙන් ලොකු තනතුරක්

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම පිතිකරුවෙක් වූ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටලස් කණ්ඩායමේ, ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර හිමිව තිබෙනවා.

මේ පිළිබඳව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අද (20) පෙරවරුවේ නිල නිවේදනයක් කළා.

ඒ අනුව, එළඹෙන තරගවාරයේ සිට දිල්ලි කැපිටලස් කාන්තා කණ්ඩායමේ, ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය මහේල ජයවර්ධන විසින් මෙහෙයවනවා.

මහේල ජයවර්ධන පසුගොයා වසර තෙක්, ඉන්දීය ප්‍රිමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මීට දින කිහිපයකට පෙර ඔහු එම තනතුරෙන් සමු ගන්නා බවට නිවේදනය කළා.