Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සඳුදා ඉඳන් RMV එක ඉස්සරහා පෝලිම්වල ඉන්න එපා – මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ලබන සඳුදා (23) දිනයේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන්, පුර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රම වේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මහජනතාවගේ පහසුව වෙනුවෙන්, 2026.11.23 දිනට පෙර ලබා දී තිබූ දෛනික පුර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙනවා.

සේවාලාභීන් හට පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් ඕනෑම එක් ක්‍රමයක් ඔස්සේ තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගත හැකියි.

011 2 117 116 අංකය ඇමතීමෙන්.
මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ: https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්.

ඒ, අනුව 2026 නොවැම්බර් 23 වන දින සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, සේවාලාභීන්ගේම පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රම වේදය පමණක් අනුගමනය කරමින් සේවාවන් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.