අයවැය තුළින් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සහන ලබානොදීමට විරෝධය පළ කරමින් එළඹෙන 23 දින ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවයක නිරතවන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මාධ්‍ය හමුවක් පවත්වමින් අද (19) මේ බව සඳහන් කළා.
ඒ, අනුව ලබන 23 වනදා සියලුම ගුරු විදුහල්පතිවරුන් කළු විරෝධතාවයක නිරත වීමට කටයුතු කරන බවත්, කළු ඇඳුමින් සැරසී කළු පටි පැළඳ මෙම විරෝධතාවය නිරත වීමට කටයුතු කරන බව ඔහු පැවසුවා.
වාර විභාග මේ දිනවල පැවැත්වීම හේතුවෙන් දරුවන්ට අගතියක් නොවන අයුරින් මෙම විරෝධතාවය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සඳුදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන අයවැයට සංශෝධනය ගෙන රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක අතුරු දීමනාවන් ලබාදීමට කටයුතු කළයුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
