Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පදියතලාව ප්‍රාදේශිය සභාවේ මාලිමා අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ජන්ද පහකින් පරාජය වී තිබෙනවා.

පදියතලාවේ ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර රාජපක්ෂ විසින් අද (18) දිනයේ දී එම අයවැය සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු 07 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පස්දෙනෙක්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු තිදෙනෙක්, සර්ව ජන බලයේ මන්ත්‍රිවරු දෙදෙනෙක්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව, පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද පහකින් පරාජයට පත් වුණා.