අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල අඩුකර ඇති බව එම සමාගම නිවේදනය කරනවා.
පාරිභෝගික කටයුතු හා වෙළෙද අමාත්‍ය අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවට ඔවුන් නිවේදනය කරනවා.
ඒ අනුව 12.5Kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 5,995.00ක් දක්වා අඩුකර තිබෙනවා.
රුපියල් 4,965ක් ලෙස පැවති 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පසුගිය 13 වැනි දින රුපියල් 1,775කින් ඉහළ දමා තිබු අතර, එහි නව මිල රුපියල් 6,740ක් බවට නිවේදනය කර තිබුණා.
අද එම මිලෙන් රු.745ක් අඩුකර නව මිල රු. 5,995.00ක් ලෙස නියම ඇති බවට වාර්තාවෙනවා.
ඒ වගේම 5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද රු. 2,398.00 දක්වා අඩුකර තිබෙනවා.
පසුගිය 13 වැනි දින රුපියල් 1,988ක් ලෙස පැවති 5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා තිබු අතර, එහි නව මිල රුපියල් 2,720ක් ලෙස නියම කර තිබුණා.
අද එම මිලෙන් රු.322ක් අඩුකර නව මිල වශයෙන් රු.2,398.00 නියම කර තිබෙනවා.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සෞදි ඇරම්කෝ මිල සහ නැව් ගාස්තු ඇතුළු ආනයන පිරිවැය ඉහළ ගියද මාස තුනක් පුරා මිල සංශෝධනයක් නොකර එම පිරිවැය වැඩිවීමෙන් සිදුවූ අලාභය සමාගම විසින් දරාගත් බවත් එයින් ඇති වූ අඛණ්ඩ ආලභ හේතුවෙන් මෑතකදි රුපියල් 1,775කින් කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට සිදුවූ බවත් ලාෆ්ස් ගෑස් සමාගම පෙන්වා දෙනවා.
දිස්ත්‍රික්ක අනුව ගෑස් මිල ගණන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පාරිභෝගිකයින්ට 1345 ලාෆ්ස් ගෑස් පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස දැනුම් දී තිබෙනවා.
