Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය අයවැයට විරුද්ධව වෘත්තිය ක්‍රියාමාර්ගවල නියැලීමට යයි

2027 අය වැයට විරෝධය පෑමක් වශයෙන් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත්කිරීමට යන බවට ප්‍රකාශ කරනවා.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුවේ බමුණු කුලේ වැටුප් වැඩි කිරීමට එරෙහිව සමස්ත රාජ්‍ය සේවකයන් සමඟ පාරට බහින බවත් ඒ අනුව එළඹෙන 23 සහ 30 වෘත්තිය ක්‍රියාමාර්ගවල නියැලීමට කටයුතු කරන බව ඔහු කියා සිටිනවා.

මේ හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවය මෙන්ම පාසල් වලටද බලපෑමක් සිදුවිය හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.