Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යාපනයට නව දුරගමන් බස් පර්යන්තයක්

යාපනයේ සිට කිලෝමීටර් 100 ඉක්මවන දුරක ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සියලුම අන්තර් පළාත් දුරගමන් බස් රථ එළැඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට යාපනයේ නව දුරගමන් බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

යාපනයේ පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තාවෙනවා.

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා 60:40 අනුපාතය මත ඒකාබද්ධ කාලසටහනක් සකස් කර, සියලුම වායුසමනය කළ බස් රථ ද එම කාලසටහනට ඇතුළත් කිරීමටත් එකඟ තීරණය කර තිබෙනවා.

නව පර්යන්තය තුළින් දුරකථන මාර්ගයෙන් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් සැලසීමටත්, ඒ සඳහා ශ්‍රී ලංගමයට වෙනම කාර්යාල පහසුකම් ලබාදීමටත් තීරණය කර ඇති බවටත් වාර්තාවෙනවා.

එමෙන්ම ශ්‍රී ලංගම සහ පෞද්ගලික දුරගමන් බස් රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරමින් විධිමත් නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු කර තිබෙනවා.

තවද, පේදුරුතුඩුවේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික දුරගමන් බස් රථ යාපනය නගරයට ඇතුළු නොවී කොඩිකාමම් හරහා ධාවනය කිරීමටත්, යාපනය දුරගමන් බස් පර්යන්තයට ඇතුළත් නොවන බස් රථ මඟින් ඒ ආසන්න ප්‍රදේශවල මගීන් නංවා ගැනීම වැළැක්වීමටත් එකඟතාවයක් ඇති කරගෙන ඇති බවටත් වාර්තාවෙනවා.

පොලිසිය සහ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් නව පර්යන්තයේ ආරක්ෂාව සහ විධිමත් මෙහෙයුම් තහවුරු කිරීමටත් පියවර ගැනීමට නියමිත බවත් සඳහන් වෙනවා.