Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇල්පාගේ ගෝලයා ‘බණ්ඩාරගම අසේල’ රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අවිශ්ක හොහොත් ‘ඇල්පාගේ’ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ‘බණ්ඩාරගම අසේල’ නැමැත්තා පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පානදුර කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව රයිගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙනවා.

සැකකරුගේ නිවස වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේ දී එම ගිනිඅවිය ප්ලාස්ටික් බටයක බහා සඟවා තිබියදී සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බණ්ඩාරගම පොලිසියට භාරදීමට නියමිතව තිබුණා.