රටේ ඇත් පරපුර බරපතළ අවදානමකට ලක්වෙමින් පවතින බවත් පිරිමි අලින්ගෙන් 6-10% අතර ප්‍රමාණයකට දළ එන බවත් මේ ඇතුන් පවා බරපතල අනතුරකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රජය ප්‍රමාද වී හෝ ඇත් පරපුර බේරා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නමුත් එම වැඩපිළිවෙළ අවිධිමත්ව අකාර්යක්ෂමව විධිමත් ජාතික සැලසුමකින් තොරව ක්‍රියාත්මක වන බවයි විපක්ෂවරයා පෙන්වා දෙන්නේ.
අද (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.
අප රටට අහිමි වී යන ඇත් පරපුර ඉලක්ක කර ගෙන ඔවුන් සංරක්ෂණය කර ආරක්ෂා කර ගැනීමට විශේෂ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මෙම ඇත් පරපුර සම්බන්ධයෙන් දේශීය වශයෙන් රජය රතු නිවේදනයක් නිකුත් කර මේ ඇත් පරපුරට ලබාදෙන වටිනාකම ඇගයීම අවස්ථාව හා පිළිගැනීම ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ඇතුන්ගේ ලැයිස්තුවක් සකස් කර ඇති බව රජය පැවසුවත් මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ ඇතුන්ට ආදරය කරන එක් සංවිධානයක් පෙරටු කරගෙන බවයි ඔහු මෙහිදී පැවසුවේ.
පරිසරවේදීන් ඇතුළු ඇතුන්ට ආදරය කරන සියලු දෙනා එකට එකතුකර මෙම ලැයිස්තුව සකස් කරන ලෙසත් මහ ඇතුන් පමණක් නොව කුඩා ඇතුන් මධ්‍යම ප්‍රමාණයේ ඇතුන් ඇතුළු සියලු ඇතුන් ආරක්ෂා විය යුතු බවත් එක් සංවිධානයක් දෙන උපදෙස් අනුව පමණක් කටයුතු කිරීම යෝග්‍ය නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.
මේ අතර ජංගම ගිලන්රථ සේවාවක් හදිසි ප්‍රතිකාර කිරීමට අත්‍යාවශ්‍ය බවත් අලි මිනිස් ගැටුම හා වන සතුන් මිනිස් ගැටුම ඇති ප්‍රදේශවල සතුන් වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සේවා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඇතුන් ආරක්ෂා කරන සංරක්ෂණය කරන වෙනම බලකායක් විපක්ෂය යෝජනා කළත් රජය තවමත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොමැති බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.
ඉන්දියාව සහ අප්‍රිකාව පවා රටවල මෙවැනි බලකායක් ඇති නිසා රටේ යුද්ධයක් නැති නිසා ආරක්ෂක අංශවලින් කොටසකට වනජීවි පුහුණුවක් ලබා දී ඇතුන් ආරක්ෂා කරන විශේෂ බලකායක් ස්ථාපිත කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
