ලාෆ්ස් ගෑස් සමාගමට හෙට (16) දිනයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබෙනවා.
ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් සමාගමට මෙලෙස පාරිභෝගික අධිකාරිය වෙත කැඳවා ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
පෙරේදා (14) මධ්‍යම රාත්‍රියේ සිර ක්‍රියාත්මකවන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර, එහිදී
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,775 කින් මිල ඉහළ දමනු ලැබුවා.
ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරය මිල වන්නේ රුපියල් 6,740ක්.
ඊට අමතරව රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 732 කින් ඉහළ දැමූ අතර, එහි නව මිල රුපියල් 2,720ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.
මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, ලෝක වෙළඳපොළේ මිල වැඩිවීම, නැව් ගාස්තු ඉහළ යෑම, රක්ෂණ ගාස්තු ඉහළ යෑම ඇතුළු හේතු කිහිපයක් මත මෙලෙස ගෑස් මිල වැඩි කිරීමට සිදු වූ බවයි.
