ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම ඊයේ (13) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙලෙස නියෝග කර තිබෙනවා.
පැමිණිලිකරුගේ සහෝදරියගේ පුතා සහ ඔහුගේ යහළුවෙකු විසින් ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් සඳහා එක් යතුරුපැදියකට රුපියල් 15,000 බැගින් යතුරුපැදි දෙක සඳහා මෙම රුපියල් 30,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කළා.
සැකකාර ආරක්ෂක නිලධාරියා 2026 නොවැම්බර් 12 වන දින පස්වරු 2.25 ට පමණ ශ්රී ලංකා රේගුවේ ප්රධාන කාර්යාලය තුළදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
