ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය පිළිබඳව පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය දා විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාව සමඟ පවත්වා තිබෙනවා.
එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නීතිඥ, නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන දුමින්ද දිසානායක, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර මෙම සාකච්ඡාව සඳහා සහභගී වූ බවයි.
මැතිවරණ කොමිෂම වෙත දෙපාර්ශ්වය විසින්ම දැනට අධිකරණයේ පවත්නා නඩුකරය පිළිබඳව දෙපාර්ශ්වය විසින්ම කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම අර්බුදය අධිකරණය හමුවේ නිත්‍යානුකූලව විසඳා ගැනීම උචිත බව එම සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා.
මැතිවරණ කොමිසම කිසි විටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලනය පක්ෂයක් නොවන බවට කිසිදු ප්‍රකාශයක් නොකරන ලද අතර මෙකී සාකච්ඡාවෙන් පසු දයාසිරි ජයසේකර විසින් මාධ්‍ය හමුවේ කරන ලද සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවටත් වෙනත් සාවද්‍ය කරුණු රාශියක් ප්‍රකාශයට පත් කර ඇති බවයි
නිදහස් පක්ෂය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් හා ජනතාව නොමඟ යාම වැළැක්වීම සඳහා ඉහත මාධ්‍ය වලින් පළ වූ සාවද්‍ය තොරතුරු නිවරදි කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂම වෙතින් ඉල්ලා සිටි බවත්, මේ පිළිබඳව මැතිවරණ කොමිෂම ‘ 2026-11-13 වන දින මාධ්‍ය නිවේදන අංක 2026/06 දරණ මාධ්‍ය නිවේදන ලිපිය මගින් සිය ස්ථාවරය පැහැදිලි කොට ඇති බවත් නිදහස් පක්ෂය පවසනවා.
ඒ, අනුව මාධ්‍ය නිවේදනයේ මැතිවරණ කොමිසම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් බවත් ගැටලුකාරී තත්ත්වය පැන නැගී ඇත්තේ ලේකම් ධුරයට අදාළව පමණක් බවයි එම පක්ෂය වැඩිදුරටත් පවසන්නේ.

