Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යතුරුපැදිය වෑන් රථයක ගැටී පියපුතු දෙපළ මිය ගිහින්

චාවකච්චේරිය පොලිස් වසමේ නුනාවිල් – පේදුරුතුඩුව මාර්ගයේ කනවම්පුඩි හන්දිය ආසන්නයේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ සිදුවූ මෙම රිය අනතුරින් මියගොස් තිබුණේ පියපුතු දෙපළක්.

කනවම්පුඩි හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ චාවකච්චේරිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් තිබුණේ 51 හැවිරිදි වියේ පසු වූ පියා සහ ඔහුගේ 09 හැවිරිදි පුත්‍රයායි.

අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ චාවකච්චේරිය පොලිස් ස්ථානය අසලට පැමිණ තරමක කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.