Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දඹුල්ල නගරයේ විශාල කන්ටේනර් රථයක් පෙරළෙයි

දඹුල්ල නගරයේ අඩි හතලිහක පමණ විශාල කන්ටේනර් රථයක් පෙරළී තිබෙනවා.

මෙම අනතුර අද සවස්වරුවේ දඹුල්ල- නුවර ප්‍රධාන මාර්ගයේදී සිදුවී තිබෙන බවට වාර්තාවෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අසල සිදුවු මෙම අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට ද බාධාවක් එල්ලවුණා.

කෙසේ වෙතත් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කිසිවෙකුට හෝ හානි සිදු නොවු බවත්, මාර්ගයේ ගමන් ගත් පිරිස අනූ නවයෙන් බේරී ඇති බවටත් වාර්තාවෙනවා.