Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද දිනයේ සිට

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (12) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද (13) දිනයේ සිට ආරම්භ වනවා.

එම දෙවන වර කියවීමේ විවාදය දින හතක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව, අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අයවැය තුන්වනවර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 21 වැනිදා සිට දෙසැම්බර් මස 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වෙනවා.

ඉන් අනතුරුව අයවැය තුන්වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.