විමල් වීරවංශ අභියාචනාධිකරණයට පැමිණෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිතයි.

එහිදී අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවකු ලෙස විමල් වීරවංශ නම් කර තිබෙන අතර ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අද කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.

එම නඩු කටයුතු සඳහා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණය හමුවට මේ වනවිට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.