2027 වසර සඳහා වන රජයේ අදායම් සහ වියදම් ඇතුළත් අයවැය යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට රැස්වීමට නියමිත අතර, එහිදි ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතයි.
2027 අයවැය විවාදය හෙට (13) දිනයේ දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වන දින පස්වරු 6.00ට සිදුකිරීමටයි නියමිතව ඇත්තේ
මේ අතර 2027 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6.00ට සිදුකෙරෙනු ඇති.
මේ අතර මෙවර රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4982 කට අධික වන අතර, එය 2026 වසරේ ඇස්තමේන්තුගත වියදමට වඩා රුපියල් බිලියන 558ක වැඩිවීමක්.
