ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීම සඳහා “ධනාත්මක ගම්යතාවයක්” ඇති බවත්, ප්‍රහාර නැවත ආරම්භ කිරීම “තරමක් අසම්භාව්‍ය” බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කටාර් අගමැති සහ ඉහළ මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීම “තරමක් අසම්භාව්‍ය” බවත්, ගැටුම “ඵලදායී ලෙස අවසන්” බව ප්‍රකාශ ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ අතර, ඇමරිකා එක්සත් ජනපදය සිය නාවික අවහිරතා ඉවත් කර, අත්පත් කරගත් වත්කම් නිදහස් කර, සම්බාධක ඉවත් නොකළහොත් සාමය කරා ගමන් කළ නොහැකි බව ඉරානය ප්‍රකාශ කරනවා.
