රජයේ දොස්තරලා අද කොළඹ දී දැවැන්ත විරෝධතාවයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) කොළඹ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතයි.

වෛද්‍යවරුන්ගේ අතිකාලදීමනා ඇතුළු වැටුප් කප්පාදුව මෙන්ම ගැටලු රැසක් සම්බන්ධයෙන් එළැඹෙන අයවැයෙන් විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව පවත්වනවා.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවට සියලු දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය වන පරිදි සිය සාමාජිකයින් එක්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

එම සංගමය පවසන්නේ මෙම විරෝධතාව හේතුවෙන් රෝහල් කටයුතු කිසිදු බාධාවක් සිදුනොවන බවයි.