විදේශිය සංචාරකයන් පිරිසක් ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකයෙකු මුහුදට තල්ලුකරයි

බෝට්ටුවකින් පැමිණි ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් විසින් ශ්‍රී ලාංකික සංචාරක මාර්ගෝපදේශකයෙකු මුහුදට තල්ලු කරන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍යයන් මෙන්ම සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරෙනවා.

අදාල වීඩියෝවට අනුව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් එම ගමන වීඩියෝ කරමින් සතුටින් පසුවෙනවා.

ඒ අතරතුර ඔවුන් සමඟ බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකික සංචාරක මාර්ගෝපදේශකයෙකු බෝට්ටුවේ එක් පැත්තක වාඩි වී ජලය පානය කරන ආකාරය දක්නට ලැබෙනවා.

ඒ අවස්ථාවේදී, ඊශ්‍රායල සංචාරකයෙකු විසින් අනපේක්ෂිත ලෙස ශ්‍රී ලාංකික සංචාරක මාර්ගෝපදේශවරයා මුහුදට තල්ලු කරනවා.

මෙම සිදුවීම අරභයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දේශීය සේවකයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල උණුසුම් කතිකාවක් ඇති කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය විනෝදය සඳහා කරන ලද ක්‍රියාවක් පමණක් බව ප්‍රකාශ කරමින් ඊශ්‍රායල මාධ්‍ය එම සිදුවීම සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනවා.