රුවන්වැලිසෑය ඉදිරිපිට ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයේ දී පසුගිය 07 වනදා අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාගේ රුධිරයේ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අඩංගු බවට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් තහවුරු වූ බව පොලිසිය පවසනවා.
භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් පසුගිය 07 වනදා ආරම්භ කළ සත්‍යග්‍රහයේ දී එහි සිටි ‘සක් පිඹින්නා’ නැමැත්තා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.
රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් අඛණ්ඩව රුවන්වැලිසෑය අසල දී පවත් වෙනවා.
