කළුතරදී පුද්ගලයකු මෝටර් රථයක ගැටී මරුට

කළුතර වෙට්ටුමඩ ප්‍රදේශයේ ගාලුපාරේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය සදහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී හනූස් මොහොමඩ් නමැති වයස 58 හැවිරිදි මාර්ගයේ ගමන්ගත් පදිකයෙකු බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මෝටර් රථයක් කළුතර දෙස සිට කටුකුරුන්ද දෙසට ගමන් කර ඇති අතර , වෙට්ටුමකඩ මුස්ලිම් දේවස්ථානය අසලදී අනතුර සිදුව තිබෙනවා.

මියගොස් ඇති තැනැත්තා කළුතර වෙට්ටුමකඩ දේවස්ථානයට ගොස් නැවත ගාලුපාර මාරුවෙමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය කියනවා.

මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.