ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ රසායනාගාරයට ISO/IEC ජාත්‍යන්තර සහතිකයක් හිමිව තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ රසායනාගාරයට මෙම ප්‍රමිති සහතිකය ලැබීමට අදාළව එය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද (06) පස්වරුවේ සහභාගී වුණා.
මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.ඩී.එස්. රාජකරුණා, කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර,පිරිපහදු කළමණාකාර කේ.ජි.එච් කෝදාගොඩ, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ ඇතුළු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහභාගීව සිටියා.
මෙහිදි ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ විසින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක වෙත අදාළ සහතිකය පිළිගැන් වූ අතර, පසුව රසායනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරයා සහභාගීව තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් පවත්වාගෙන යනු ලබන එකම රසායනාගාරය ද වනවා.
මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙන ඛනිජ තෙල් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමෙහිලා මෙය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
පිරිපහදුවේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට සමගාමීව, මෙම රසායනාගාරය ද වසර පුරා පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. පිරිපහදුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්, ගුණාත්මකභාවය සහතික කළ ඛනිජ තෙල් නිෂ්පාදන සැකසීමටත් අවශ්‍ය වන විශ්ලේෂණාත්මක සහ තත්ත්ව සහතික කිරීමේ සේවාවන් මෙහිදී ලබා දෙනු ලබනවා.
ඒ, සදහා ජාත්‍යන්තර ප්‍රමිතිය සහතික කිරීම සදහා මෙම ISO/IEC ජාත්‍යන්තර සහතිකයන් ලබාදීමේ අරමුණයි
ඛනිජ තෙල් ආශ්රිත පරීක්ෂණ පරාමිති 32ක් සඳහා ප්‍රතීතනය ලබා ගැනීම සපුගස්කන්ද තෙල් පිරිපහදු විද්‍යාගාරය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය එහි කාර්ය මණ්ඩලයේ කැපවීම, වෘත්තීයභාවය සහ තාක්ෂණික විශේෂඥතාව පිළිබඳකදීම සාක්ෂියක්.
