නිවසක ඉදිකිරීම් අතරතුර තාප්පයක් කඩා වැටී අයෙක් ජීවිතක්ෂයට

නිවසක ඉදිකිරීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතට තාප්පයක් කඩා වැටී එයට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) දින සවස පේරාදෙණිය පොලිස් වසමේ කලුවරවත්ත ප්‍රදේශයේදී නිවසක ඉදිකිරීම් කරමින් සිටින අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු මතට තාප්පයක් කඩා වැටී තුවාල ලබා මුරුතලාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව, ඒ අතරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය සඳහන් කරනවා.

මරණකරු වයස අවුරුදු 63 ක් වූ දන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පේරාදෙනිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.