අතුරුදහන් පුද්ගලයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි

පුද්ගලයෙකු අතුරුදන්වීමක් සම්බන්ධව ඔහුගේ පියා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මීගහතැන්න පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව අතුරුදන් වූ අය 2026 අප්‍රේල් මස මනම්පිටිය හා වැලිකන්ද ප්‍රදේශවලට යන බවට පවසා නිවසින් පිටව ගොස් තිබෙන අතර, මේ දක්වා ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වාර්තාවී නොමැත

අතුරුදන් වූ පුද්ගලයාගේ විස්තර
නම :- වික්‍රමනායක කරුණාරත්නගේ දර්ශන තිවංක
වයස :- අවුරුදු 43
ලිපිනය :- අංක 381/1/ඒ, පුවක්ගහහේන, මීගහතැන්න
රූප විස්තර :- උස අඩි 05 අඟල් 04 ක් පමණ තළෙළු, සිහින් සිරුර කොණ්ඩය කොටට‍ කපා ඇත.

Misplaced Meegahathenna pic

පොලිසිය විසින් අතුරුදන් වූ පුද්ගලයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමු කරන ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකතන අංක :-

  1. ස්ථානාධිපති මීගහතැන්න – 071 – 8591706
  2. පොලිස් ස්ථානය මීගහතැන්න – 034 – 2284022