කළුතර, නාගොඩ රෝහල ආසන්නයේ පදික මාරුවකදී අධික වේගයෙන් පැමිණි කැබ් රථයකට කාන්තාවන් දෙදෙනෙකු වැදී සිදුවූ අනතුරෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්වී ඇතැයි කළුතර දකුණ පොලිසියේ රථවාහන නිලධාරීන් පවසනවා.
ඊයේ රාත්රී 7.10 ට පමණ කළුතර, නාගොඩ රෝහල අසල මෙම අනතුර සිදුවී තිබෙනවා.
මෙසේ මරණයට පත්වී ඇත්තේ 66 හැවිරිදි රත්නපුර, පැල්මඩුල්ල ප්රදේශයේ පදිංචි කාන්තාවකි, අනතුරින් ඇයගේ දියණිය ද බරපතල තුවාල ලබා නාගොඩ ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.
කාන්තාවන් තිදෙනෙකු පදික මාරුවෙන් මාරුවෙමින් සිටියදී අධික වේගයෙන් පැමිණි කැබ් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඉදිරියට ඇදී ගොස් මෙම අනතුර සිදු වී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසනවා.
පසුගිය දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී පැල්මඩුල්ල ප්රදේශයේ මියගිය කාන්තාවගේ නිවස නාය යෑමට ලක් වී ඇති අතර ඉන් පසු කළුතර නාගොඩ ශික්ෂණ රෝහල ඉදිරිපිට පවත්වාගෙන යන රෝගී බලාගන්නා පෞද්ගලික සත්කාර ආයතනයක සේවයට දියණිය සහ මියගිය කාන්තාව පැමිණ තිබෙනවා.
ඊයේ (03) දින රෝගීන් බලා ගන්නා සේවය අවසන් කර බෝඩිමට පැමිණ , එම බෝඩිමේ නවාතැන් ගෙන සිටින තම දියණියත් අනිත් කාන්තාවක් සමග ආසන්නයේ පිහිටි වෙළඳ සැලට ගොස් කෑම ලබාගෙන නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තාවෙනවා.
අනතුර සිදුකළ කැබ්රථය මේවන විට පොලිස් අත්අඩංගුවට ගෙන අතර, අනතුර සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
