2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 2.88කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති මෙහෙයුම්කරු ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කරන්නේ විදුලි ගාස්තු සියයට 1.46ක අගයකින් පමණක් ඉහළ නැංවිය යුතු බවයි.
මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට පෙර හෙට (05) දිනයේදී මහජන අදහස් විමසීමේ විශේෂ සැසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම මහජන අදහස් විමසීමේ සැසිය සඳහා ලියාපදිංචි වීමට කැමති පාර්ශ්වයක් 077 0399119 අංකය ඇමතීමෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.
