හැටන් -නානුඔය වටරවුම් පාරේ දී අද උදෑසන බොලෙරෝ ලොරි රථයක් අඩි 100ක ප්රපාතකයට වැටී අනතුරට ලක්වී තිබෙනවා.
කතරගම සිට තලවකැලේ බලා ගමන්කළ එම ලොරි රථය අද උදෑසන 10.00ට පමණ කිරිමැටිය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන එසේ අනතුරට ලක්වූ බවට වාර්තාවෙනවා.
මෙම ලොරි රථය කතරගම සිට තලවකැලේ දක්වා නිම් ඇඳුම් තොගයක් රැගෙන පැමිණි අතර, අනතුර සිදුවීමට පෙර එහි සිටී රියදුරු ඇතුළු තිදෙනා ලොරි රථයෙන් ඉවතට පැනගැනීමට සමත්වෙලා තියෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණය ආරම්භ කර තිබෙනවා.
