ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදෙස් ජාතිකයින් 21ක් මරදානේ දී අත්අඩංගුවට

විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි සහ ඔන්ලයින් වංචාවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් පිරිසක් පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම විදෙස් ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වූණේ.

චීන ජාතිකයින් 12 , බංග්ලාදේශ ජාතිකයන් 06ක් සහ ඉන්දීය ජාතිකයින් 03ක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටිනවා.