ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුව ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ වුණා.
මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV නාලිකා (පුද්ගලික) සමාගම වෙත මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මිලියන 104.6ක (රු.104,603,876.00) මුදලක් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ නිරීක්ෂණවලට යටත්ව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට (අංක: CP 26/1947/807/035) මෙලෙස අනුමැතිය හිමිව මුදල් ලබා දී ඇති බවයි සඳහන්.
