ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුට අයත් බව කියන ඉඩමක තිබූ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පැවති නඩුවෙන් සූරියකන්ද පොලිස ස්ථානයේ හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි නිදහස් කර තිබෙනවා.
ඒ, අදාළ නඩු කටයුත්ත අද (02) දින ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පැමිණිල්ල මඟින් සැකකාර පොලිස් නිලධාරියාට නිසි ආකාරයෙන් චෝදනා ගොනුකර නොතිබීම මත ඔහුව නිදහස් කිරීමටයි අධිකරණය මෙලෙස නියෝග කර ඇත්තේ.
මෙම සිද්ධියට අදාළව අද (02) දිනයේ අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.
සූරියකන්ද ප්රදේශයේ ගංජා වැටලීමක් සම්බන්ධයෙන් මන්ත්රීවරයා සහ කොස්තාපල්වරයා අතර ඇති වූ ගැටුමකින් පසු දෙපාර්ශ්වය විසින් එකිනෙකාට එරෙහිව නඩු පවරා තිබුණා.
