NSBM හරිත සරසවිය දස වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව යුගයක් සටහන් කරමින්, හෝමාගම පිටිපන ස්ථාපිත NSBM හරිත සරසවිය සිය 10 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති නිල උත්සවයට දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වුණා.

10 වන සංවත්සර සැමරුමට සමගාමීව, NSBM දෙවන සංවර්ධන අදියර යටතේ රුපියල් මිලියන 720ක ආයෝජනයකින් සම්පූර්ණ කරන ලද නව සිවිල් ඉංජිනේරු විද්‍යාගාර සංකීර්ණය (Civil Engineering Laboratory Complex) නිල වශයෙන් විවෘත කෙරුණා.

එමෙන්ම, තෙවන අදියර යටතේ රුපියල් බිලියන ගණනක ආයෝජනයකින් ඉදිවීමට නියමිත යෝජිත NSBM රෝහලෙහි (Medical and Research Hospital) ආකෘතිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.

මෙම සැමරුම් උත්සවය, සම්පූර්ණයෙන්ම ස්වයං මූල්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස ගතවූ දශකය තුළ NSBM ඉටුකළ අසමසම ජාතික මෙහෙවර මෙන්ම, ඉදිරි දශකයේදී ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනය ගෝලීය මට්ටමට ඔසවා තැබීමේ දැක්ම ද විදහා දැක්වීමද එහිදී සිදු වුණා.

මෙම අභිමානවත් අවස්ථාවට NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විදේශීය විශ්වවිද්‍යාල නායකයින්, කර්මාන්ත හවුල්කරුවන්, විශ්වවිද්‍යාලයේ හිටපු පාලක සභිකයන් ඇතුළු ප්‍රභූ පිරිසක් එක්ව සිටියා.

ඒ අතර එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්වවිද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන් මෙන්ම, චීනයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන ෂෙජියැං ෂුරන් විශ්වවිද්‍යාලයේ විධායක සභාපතිවරයා ද වුණා.

දශකයක සන්ධිස්ථානය සලකුණු කරමින් NSBM විසින් විශේෂ සමරු මුද්දරයක්, ‘Vision to Legacy’ සමරු සඟරාව, පළමු දශකය සඳහා වන ‘NSBM ආර්ථික බලපෑම් වාර්තාව’ සහ ඉදිරි දශකය සඳහා වන උපායමාර්ගික සැලැස්ම වන ‘NSBM NEXT’ නිල වශයෙන් එළිදක්වනු ලැබුවා.

මීට අමතරව, දෙවන අදියර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින මහල් 14 කින් යුත් විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ද පැමිණි අමුත්තන්ට අවස්ථාව හිමි වුණා.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමේ අරමුණින් 2016 ඔක්තෝබර් 26 වැනිදා හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිල වශයෙන් විවෘත කෙරුණු NSBM හරිත සරසවිය, අද වන විට අක්කර 70 ක භූමි පරිශ්‍රයක අදියර හතරක් ඔස්සේ සංවර්ධනය වන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක්.

වර්තමානය වන විට 14,000 කට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙන අතර, 24,000 කට අධික උපාධිධාරීන් සංඛ්‍යාවක් ලොව පුරා සේවයේ නිරතව සිටිති. Deloitte Sri Lanka ආයතනය විසින් සිදුකරන ලද ස්වාධීන ආර්ථික බලපෑම් ඇගයීමකට අනුව, ගතවූ දශකය තුළ NSBM හි සමස්ත එකතු කළ අගය මත දායකත්වය (Gross Value-Added Contribution) රුපියල් බිලියන 115.5ක්.

එමෙන්ම, විදේශීය උසස් අධ්‍යාපන පාඨමාලා මෙරටදීම හැදෑරීමට අවස්ථාව සැලසීම තුළින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 337.8 ක විදේශ විනිමයක් මෙරටට ඉතිරි කර දීමට NSBM සමත්ව තිබෙනවා.

එම වාර්තාවට අනුව NSBM උපාධිධාරීන්ගෙන් 86% ක් ස්ථිර රැකියාවල නිරත වන අතර, 74% ක් තමන් හැදෑරූ ක්ෂේත්‍රවල රැකියාවල නිරත වනවා.

තවද 11.5% ක් සාර්ථක ව්‍යවසායකයින් ලෙස තමන්ගේම ව්‍යාපාර ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

වැඩිදුර තොරතුරු සඳහා:-

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෙනුර කොළඹගේ – අලෙවිකරණ ප්‍රධානී
දුරකථන අංක: 071 583 7369/ 011 544 5014 | විද්යුත් ලිපිනය: [email protected]

image
image
image 1
image 1
image 2
image 2