ලෝක වෙළෙඳපොලේ රත්‍රන් මිල කැපී පෙනෙන ලෙස පහතට

ලෝක වෙළෙඳපොලේ රත්‍රන් මිල කැපී පෙනෙන මට්ටමකින් පහත වැටී තිබෙනවා.

2025 ඔක්තෝබර් මාසයෙන් පසු රත්‍රන් සඳහා ලෝක වෙළෙඳපොලේ වාර්තා වූ අවම අගය සටහන් කරමින් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3, 875.53ක් දක්වා පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, අද දිනයේ කොළඹ, හෙට්ටිවීදියේ රන් වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 355,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් ලෙස පැවතියා.