වට්ස්ඇප් සමූහය මඟින් වටිනා තෑගි පාර්සලයක් ලබාදෙන බව පවසා රුපියල් දහහතර ලක්ෂ පනස්පන්දාහසක මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ, අනුව ඊයේ (30) දින උදෑසන කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේ දී අදාළ වංචා කිරීමට සම්බන්ධ සැකකාරිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකාරිය අවුරුදු 46ක් වන නුගේගොඩ ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
