හෙරොයින් ග්‍රෑම් 24ක් ළඟ තබාගත් අයෙක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2022 වසරේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළා.

නඩු විභාගයෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53