ඉරානයට අයත් භාණ්ඩ ප්රවාහන බහාලුම් 18,000කට ආසන්න සංඛ්යාවක් පාකිස්තාන වරායන්හි සිරවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
ඉරානයේ ජාත්යන්තර ප්රවාහන සමාගම් සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මොහොමඩ් අලි කර්ගාෂා පවසන්නේ, අදාළ භාණ්ඩ නිදහස් කර ගැනීම සහ ප්රවාහනය කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු අධික වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ඇතැම් බහාලුම් සඳහා ගබඩා ගාස්තු, ප්රමාද ගාස්තු සහ ගොඩබිම් ප්රවාහන වියදම් ඇමෙරිකානු ඩොලර් 25,000 ඉක්මවා තිබේ. එහෙත් එම බහාලුම්වල ඇති බොහෝ භාණ්ඩවල වටිනාකම ඩොලර් 20,000ත් 30,000ත් අතර වන බැවින්, ඒවා නිදහස් කර ගැනීම ආර්ථික වශයෙන් අවාසිදායක තත්ත්වයකට පත්ව තිබෙනවා.
යුද්ධය හේතුවෙන් 2026 මාර්තු මාසයේදී මුහුදු ප්රවාහනයට පැනවුණු සීමා මත, නැව් ගමන් මාර්ග වෙනස් කිරීමේදී මෙම භාණ්ඩවලින් කොටසක් පාකිස්තාන වරායන්හි ගොඩබා තිබෙනවා.
කෙසේ වෙතත්, ඒවා ඉරානයට හෝ වෙනත් ගමනාන්ත වෙත යැවීම තවමත් ගැටලුකාරී වී ඇති බවයි වාර්තා වන්නේ.
අතරමැදි සමාගම්වල නම් යටතේ භාණ්ඩ ප්රවාහන ලේඛන ලියාපදිංචි කර තිබීම, සම්බාධකවලට අදාළ අවදානම් සහ අධික ගාස්තු මෙම ගැටලුව විසඳීමට බාධා වී ඇති බව කර්ගාෂා සඳහන් කරනවා.
දැනුම්දීම්වලින් පසුව වුවද, බහාලුම් හිමිකරුවන්ගෙන් දහසක පමණ පිරිසක් පමණක් ඒවා නිදහස් කර ගැනීමේ ක්රියාවලිය ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්යාංශය සහ පාකිස්තානයේ ඉරාන තානාපති කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බව ටෙහෙරාන් වාණිජ මණ්ඩලයේ ප්රවාහන කොමිසමේ ප්රධානී පේමාන් සනන්දජි පවසනවා.
එමෙන්ම, අවශ්ය අනුමැතිය නොමැති ඇතැම් සමාගම් භාණ්ඩ හිමිකරුවන්ගෙන් විශාල මුදල් ප්රමාණයක් අයකරගෙන තිබුණද, භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා ප්රායෝගික පියවර ගෙන නොමැති බවද ඔහු අනාවරණ කර තිබෙනවා.
