යුරෝපා සංගමය, වෙළඳපළ ආර්ථිකයේ සහ සාධාරණ තරගකාරිත්වයේ මූලධර්මයන්ට ගරු කරමින් වෙළඳ ආරක්ෂණ ක්රියාමාර්ග අනිසි ලෙස භාවිත කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්යාංශයේ ප්රකාශක Guo Jiakun මහතා මේ බව ප්රකාශ කළේ බෙයිජිංහි පැවති මාධ්ය හමුවකදීය.
චීන රසායනික ද්රව්ය, ගෘහ භාණ්ඩ සහ යන්ත්රෝපකරණ යනාදී නිෂ්පාදන ආනයනය කිරීම අවම කිරීම සඳහා වෙළඳ ආරක්ෂණ පියවර ක්රියාත්මක කිරීමට යුරෝපා සංගමය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Guo Jiakun මහතා චීනයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කර ඇත.
මෑතකදී පැවති චීන-යුරෝපා සංගම් වෙළඳ සහ ආයෝජන සාකච්ඡා යාන්ත්රණයේ දෙවන නිත්ය රැස්වීම ධනාත්මක ප්රගතියක් අත්කර ගත් බව හෙතෙම පවසයි.
එමෙන්ම දෙපාර්ශ්වයට සංවාද සහ සාකච්ඡා හරහා ආර්ථික හා වෙළඳ මතභේද නිසි ලෙස විසඳා ගැනීමට පූර්ණ අවස්ථා පවතින බව මෙමගින් පෙන්නුම් කරන බව ද Guo Jiakun මහතා සඳහන් කළේය.
