ලෝක පෝලියෝ දිනයට සමගාමීව පෝලියෝ රෝගය ලොවින් තුරන් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන සෞඛ්ය ක්ෂේත්රයේ ක්රියාකාරීන් ඇගයීම අරමුණු කරගනිමින් විශේෂ පාපැදි සවාරියක් පැවැත්වුණා.
මෙම පාපැදි සවාරිය සඳහා නිකවැරටිය, කුරුණෑගල, අනුරාධපුරය, පඬුවස්නුවර සහ වාරියපොළ යන ප්රදේශවල රොටරි සමාජයන්හි සාමාජිකයන් එක්ව සිටියා.
පෝලියෝ රෝගය මුලිනුපුටා දැමීමේ ගෝලීය මෙහෙවර වෙනුවෙන් රොටරි සාමාජිකයෝ අරමුදල් රැස් කිරීම, එන්නත්කරණ වැඩසටහන් සඳහා සහාය වීම, ජනතාව දැනුවත් කිරීම සහ ලොව පුරා සෞඛ්ය සංවිධාන සමඟ එක්ව කටයුතු කරනවා.
