කළුතර දුම්රිය ස්ථානය පිටුපස වෙරළේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

කළුතර දුම්රිය ස්ථානය පිටුපස වෙරළ තීරයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සීයාගෙන තිබෙනවා.

අද (24) උදෑසන කළුතර දකුණ පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර, මෙම පුද්ගලයා මුහුදේ දිය නෑමට ගොස් ගිලී ඉන් අනතුරුව මළ සිරුර වෙරළට ගොඩගසන්නට ඇති බවට සැකපළ කරනවා.