ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇත්තේ, එමගින් අදාළ අත්හිටුවීම වහාම ක්‍රියාත්මකවන පරිදි බලාත්මක කරන බව දන්වමින්.