තඹුත්තේගම මූලික රෝහලේ සුළු සේවකයින් මේ වනවිට විරෝධතාවක් අරඹා තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම සේවකයින් අද (13) උදෑසන 6.30 සිට මෙම විරෝධතාව අරඹා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
උදෑසන 6.30ට සේවයෙන් ඉවත් වූ එම රෝහලේ සේවකයින් පැය 24ක් සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
හිඟ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වහාම බඳවාගැනීම, වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේ දී අනුපාත්රිකයෙක් නොමැතිව නිදහස් කිරීම් නොකිරීම ඇතුළු කරුණු තුනක් මුල්කරගනිමින් මෙම විරෝධතාව අරඹා තිබෙනවා.
