සංචාරක ශ්රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය අද (09) ආරම්භ වනවා.
ඒ අනුව දෙරට අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය අද (09) රාවල්පින්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.
රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (09) පස්වරු 6.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
මෙම තරගාවලියේ දී ආරම්භක පිතිකරු සාහිබ්සාදා ෆර්හාන් වෙත පාකිස්ථාන විස්සයි විස්ස නායකත්ය හිමිව ඇති අතර, ශ්රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබනවා.
දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ ශුරයින් වෙනුවෙන් පිරිනමන කුසලානය දෙපිලේම නායකයින් දෙදෙනාගේ මුලිකත්වයෙන් එළිදැක්වීම ඊයේ (08) සිදු කෙරුණා.
මේ අතර දෙරට අතර පැවැති විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ තරග 30ක් පවත්වා ඇති අතර, ඉන් තරග 18ක ජය පාකිස්ථානය හිමිකර ගනිද්දී, ශ්රී ලංකාව තරග 12ක් ජයග්රහණය කිරීමට සමත්ව තිබෙනවා.










