සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කතානායක ජගත් වික්‍රමරත්නට විරුද්ධව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද (08) සිදුවුණා.
ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.










