බස් රථ අනතුරකින් පුද්ගලික ආයතනයක සේවකයන් 14ක් රෝහලේ

තිරප්පනේ පොලිස් වසමේ, ගල්කුලම ප්‍රදේශයේ A 09 මාර්ගයේ නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද (07) අලුයම අනතුරක් සිදුව ඇති බව පොලසිය පවසනවා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් 14 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර, පිරිමි පුද්ගලයින් 12 දෙනෙක් සහ කාන්තාවන් 02ක් වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නාරම්මල ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වී නැවත අනුරාධපුර බලා පැමිණෙමින් තිබූ පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගත් බස් රථයක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.