ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

බන්ධනාගාරගත කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (05) දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු පෙරේදා (03) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (04) දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඥානසාර හිමියන් අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

ඒ, අනුව හෙට (05) දිනයේ අභියාචනාධිකරණයට උන්වහන්සේ ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම 06 වනදා එනම් හෙට දිනයේ කොළඹ මහාධිකරණ අංක 09ට සහ 07 වනදා එනම් අනිද්දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීමට නියමිතයි.