උඩු ගුවනේ දී ෆ්ලයි ඩුබායි යානයක නියමුවා සහ සහාය නියමුවා ගුටි කෙලියක – යානය හදිසියේම ගොඩබස්වයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

අදාළ යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙලෙස යානය හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානය අඩි 34,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී තත්ත්පර 30ක් වැනි සුළු කාලයක් තුළ හදිසියේම සහ ඉතා වේගයෙන් අඩි 17,000ක් පමණ පහළට ගමන් කර ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරුව අවස්ථා දෙකදී ගුවන් යානයෙන් හදිසි සංඥා ද නිකුත් කර ඇති බව ද සඳහන්.

පාඩුව අදාළ යානය ආරක්‍ෂිතව ටබුක් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් දෙදෙනා කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ දී 150 දෙනෙකු පමණ යානයේ සිට තිබෙනවා.

යානය ගොඩ බැස්සවූ පසු තුවාල ලබා සිටි එහි ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා රෝහල් ගත කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59